පෘථිවි කබොලෙහි මතුපිට ස්තරය වන පස, සොබාදහමෙන් අප ලද මහඟු දායාදයකි. පෘථිවිය මත ජීවීන්ගේ පැවැත්ම සඳහා පස ඉහළ දායකත්වයක් සපයයි.
පරිසරයේ විවිධ ස්ථානවල පස්වල ස්වභාවය එකිනෙකට වෙනස් වේ. මේ පිළිබඳ ව සොයා බැලීමට විවිධ ස්ථානවලින් ගත් පස් සාම්පල යොදා ගෙන පහත 15.1 ක්‍රියාකාරකමෙහි නිරත වන්න.
පස විවිධ අංශුවලින් සෑදී ඇති බවත් එම අංශුවල වයනය ිඑකිනෙකට වෙනස් බවත් ඔබට අවබෝධ වන්නට ඇත.
පස්වල ඇති ඛනිජ අංශූ, ඒවායේ තරම අනුව වැලි, මැටි හා රොන්මඩ යනුවෙන් වර්ග තුනකට බෙදනු ලැබේ. මැටි ඉතා කුඩා අංශු වන අතර සිනිඳු වයනයකින් යුක්ත ය. වැලි අංශු තරමක් විශාල වන අතර රළු වයනයක් ඇත. රොන්මඩ, තරමින් මධ්‍යස්ථ වන අතර සිනිඳු වයනයක් පෙන්වන අංශු වේ. මෙම අංශුවල සාපේක්ෂ තරම 15.2 රූපයෙන් හඳුනා ගත හැකි ය.
පසෙහි අඩංගු මෙම සංඝටකවල බහුලතාව අනුව පස් වර්ග තුනක් හඳුනා ගෙන ඇත. එම පස් වර්ග තුන පහත සඳහන් වේ.
මැටි පස
වැලිපස
ලෝම පස
මෙම පස් වර්ග පිළිබඳ තොරතුරු 15.1 වගුවේ දැක්වේ.
මෙම පස් වර්ග අතරින් ශාක වර්ධනය සඳහා වඩා සුදුසු වනුයේ ලෝම පසයි. එබැවින් මල් පැළ සිටුවීමේ දී පෝච්චි පිරවීමට ලෝම පස භාවිත කළ යුතු ය.
පසෙහි ඇති විවිධ ප්‍රමාණයේ අංශු වර්ග වෙන් කිරීම සඳහා පෙනේර සාදා ඇත. මෙම පෙනේර, කට්ටල වශයෙන් සකස් කර ඇත. කට්ටලයේ ඉහළින් ම ඇත්තේ විශාලතම සිදුරු සහිත පෙනේරයයි. ක්‍රමයෙන් පහළට යනවිට පෙනේර සිදුරුවල ප්‍රමාණය කුඩා වේ. පස් මිශ්‍රණයක් ඉහළින් ම ඇති පෙනේරයට දමා පෙනේර කට්ටලය වේගයෙන් සොලවනු ලැබේ. එවිට එක් එක් පෙනේර තුළ විවිධ ප්‍රමාණයේ පස් අංශු රැඳේ.
වැලි පසක් හෝ මැටි පසක් වගාවට සුදුසු ලෝම පසක් බවට පත් කර ගත හැකි ය. ඒ සඳහා සුදුසු ප්‍රමාණවලින් කාබනික ද්‍රව්‍ය (දිරා ගිය ශාක හා සත්ත්ව කොටස්) එක් කළ යුතු ය.