යන්ත්‍රයකින් කාර්යයක් කර ගැනීමට අප යන්ත්‍රය වෙත යම් කාර්යයක් සිදු කළ යුතු ය. මෙය හඳුන්වන්නේ ප්‍රදාන කාර්යය ලෙස ය. යන්ත්‍රය වෙත එසේ යම් කාර්යයක් සිදු කරන විට යන්ත්‍රය මගින් යම් කාර්යයක් සිදු කරනු ලබයි. මෙය ප්‍රතිදාන කාර්යයකි.
ඉහත සඳහන් කර ඇති ලීවරය ගැන නැවත සලකා බලමු.
B හි දී යොදන ආයාසය 50 N ද, A හි දී එසැවෙන භාරය 150 N ද යැයි සිතමු.
බලයක් යම් දුරකට ක්‍රියා කිරීමේ දී කෙරෙන කාර්යය ප්‍රමාණය සොයන අයුරු ඔබ දනියි.
යොදන බලය, එම බලයේ විස්ථාපනයෙන් ගුණ කළ විට කෙරෙන කාර්යය ප්‍රමාණය ලැබේ.
ඉහත ලීවරය මත අප කරන කාර්යය (ප්‍රදාන කාර්යය) පහත ආකාරයට ගණනය කළ හැකි ය.
ප්‍රදාන කාර්යය = ආයාසය x ආයාසයේ විස්ථාපනය
ලීවරයෙන් කෙරෙන කාර්යය (ප්‍රතිදාන කාර්යය) පහත ආකාරයට ගණනය කළ හැකි ය.
ප්‍රතිදාන කාර්යය හෙවත් ලීවරයෙන් කෙරෙන කාර්යය
= භාරය × භාරයේ විස්ථාපනය
= 150 N × 15 cm
= 150 N x 15/100 m
= 22.5 J
මෙහි දී ලීවරය භාවිත කිරීමෙන් මෙම 22.5 J කාර්යය කර ගැනීමට ලීවරය වෙත 30 J ක කාර්යයක් සිදු කළ යුතුව ඇත.
ලීවරයට ප්‍රදානය කළ කාර්යයට ලීවරයෙන් සිදු වූ කාර්යය ප්‍රතිශතයක් ලෙස පහත ආකාරයට ගණනය කළ හැකි ය.
මේ අප ගණනය කළේ මෙම ලීවරයේ කාර්යක්ෂමතාවයි. ඒ අනුව එම ලීවරයේ කාර්යක්ෂමතාව 75% කි.
ආයාසය චලනය වූ දුර, භාරය චලනය වූ දුරෙන් බෙදුවොත් ලැබෙන්නේ ප්‍රවේග අනුපාතයයි. නමුත් මෙහි සඳහන් වන්නේ භාරය චලනය වූ දුර ආයාසය චලනය වූ දුරෙන් බෙදන බවයි. එය සමාන වන්නේ ප්‍රවේග අනුපාතයේ පරස්පරයටයි.
සාමාන්‍යයෙන් කාර්යක්ෂමතාව ගණනය කරන්නේ ප්‍රතිශතයක් ලෙස ය.