බෙදීමේ ක්‍රමය මගින් වර්ගමූලය සෙවීම.

ඕනෑම ධන සංඛ්‍යාවක වර්ගමූලය සෙවිය හැකි ක්‍රමයක් දැන් සලකා බලමු. මෙම ක්‍රමය වර්ගමූලය සෙවීමේ බෙදීමේ ක්‍රමය (හෝ සාධාරණ ක්‍රමය) ලෙස හැඳින්වේ. නිදසුන්
කිහිපයක් මගින් මෙම ක්‍රමය හදාරමු.
නිදසුන 1
1764 හි වර්ගමූලය සොයමු.
පියවර 1
1764 හි එකස්ථානයේ සිට වම් පසට ඉලක්කම් දෙක බැගින් පහත දැක්වෙන ආකාරයට වෙන් කරන්න.
17 64
පියවර 2
එසේ වෙන් කිරීමෙන් පසු මුලට එන ඉලක්කමෙන් හෝ ඉලක්කම් දෙකෙන් දැක්වෙන සංඛ්‍යාවට අඩු හෝ සමාන, ආසන්නම පූර්ණ වර්ගයේ වර්ග මූලය ඉරට උඩින් සහ ඉරට
වම් පසින් පහත පරිදි ලියන්න.

පියවර 3
ඉරට උඩින් ඇති සංඛ්‍යාවේ හා වම් පැත්තේ ඇති සංඛ්‍යාවේ ගුණිතය වන 4 x 4 පහත දක්වා ඇති පරිදි පහළින් ලියා අඩු කරන්න.

පියවර 4
දැන් ඊළඟ සංඛ්‍යා යුගලය වන 64 පහත දැක්වෙන පරිදි ලියන්න.

පියවර 5
ඉරට උඩින් ඇති සංඛ්‍යාවේ දෙගුණය වන 8 පහත පෙන්වා ඇති පරිදි වම් පසින් ලියන්න. තව ද, එකස්ථානයේ අගය සඳහා හිස් තැනක් තබන්න.

පියවර 6
ඉරට උඩින් 4ට දකුණු පසින් හා ඉරට වම් පසින් හිස්තැන් තැබූ ස්ථානයට එකම ඉලක්කම යොදන්න. ඉලක්කම තෝරා ගත යුත්තේ 8 ◻ × ◻ = 164 හෝ 164ට අඩු, ආසන්නම අගය ලැබෙන පරිදිය.

ඒ අනුව √1764 =42 වේ.
දශම සංඛ්‍යාවක වර්ගමූලය සෙවීමේ දී දශම තිතේ සිට දෙපසට සංඛ්‍යා දෙක බැගින් පහත දැක්වෙන ලෙස වෙන් කරන්න.

නිදසුන 2
√3.61 හි අගය සොයන්න.

නිදසුන 3
√2737 හි අගය දශමස්ථාන දෙකකට නිවැරදිව සොයන්න.
මෙහිදී දශමස්ථාන තුනක් දක්වා සොයා එය දශමස්ථාන දෙකකට වැටයිය යුතු ය.
දශමස්ථාන තුනක් දක්වා සෙවීමට නම් දශම තිතෙන් පසු බින්දු යුගල තුනක් වෙන්කළ යුතු ය.

නිදසුන 4
√3.421 හි අගය දශමස්ථාන දෙකකට නිවැරදිව සොයන්න.
ඉහත නිදසුනේ පරිදි ම මෙහිදී ද දශමස්ථාන තුනකට සොයා එය දශමස්ථාන දෙකකට වටයමු. ඒ සඳහා දශමස්ථානවල සංඛ්‍යාංක යුගල තුනක් වෙන්කළ යුතු ය.

ගැටලු විසඳීම සඳහා වර්ගමූලය යොදා ගැනීම

නිදසුන 1

නිදසුන 2