රන් පිහාටු හැඳින්වීම

පන්සිය පනස් ජාතක පොත කුරුණෑගල යුගයේ රචනා වූ වැදගත් ම සාහිත්‍ය කෘතියයි. එය තරම් සිංහල ජන ජීවිතයට බලපෑ තවත් කෘතියක් නැති තරම් ය. බෝසත් චරිතය මුල්කොට ගත් කථා වස්තු පන්සිය හතලිස් හතක් ඇතුළත් ව තිබේ. සිංහල බෞද්ධ ජනතාව එම කථාන්දරවලට සමූහ වශයෙන් සවන් දී ධර්ම උපදේශ මෙන් ම ධාර්මික විනෝදාස්වාදය ද ලැබූහ. එම ජාතක කතා අතුරෙන් ස්වර්ණ හංස ජාතකය මෙහි විරිදුවට නඟා ඇත. දැඩි ලෝභය දුකට පත්වීමට හේතු වේ යන්න මේ කතා වස්තුවෙන් දෙන ප්‍රධාන පණිවුඩය යි.