විද්‍යුත් ධාරාව

එදිනෙදා භාවිත කරන ශක්ති ප්‍රභේද අතුරෙන් විද්‍යුතයට හිමි වනුයේ ප්‍රධාන ස්ථානයකි. 6 සහ 7 ශ්‍රේණිවල දී ඔබ අධ්‍යයනය කළ කරුණු සිහිපත් කරමින් 7.1 ක්‍රියාකාරකමෙහි යෙදෙමු.

ස්විච්චය සංවෘත කළ විට වියළි කෝෂයේ නිපද වූ ධාරාව පරිපථයෙහි සන්නායක කම්බි ඔස්සේ ගලා යයි. එම ධාරාව බල්බය තුළින් ගැලීම නිසා බල්බය දැල්වේ.

සංවෘත පරිපථයකින් විද්‍යුත් ආරෝපණ ගලා යාම විද්‍යුත් ධාරාවක් ලෙස හැඳින්වේ.

විද්‍යුත් ධාරාව

සන්නායකයක් තුළින් විද්‍යුත් ධාරාවක් ගැලීම සම්බන්ධව අධ්‍යයනය කිරීම සඳහා 7.2 ක්‍රියාකාරකමෙහි යෙදෙමු.

කෝෂයේ අග්‍ර මාරු කළ විට විදුලි මෝටරයේ චලිත දිශාව වෙනස් වේ. ඊට හේතුව පරිපථයෙන් ගලන ධාරාවේ දිශාව වෙනස්වීම යි.

  • විද්‍යුත් ධාරාවක් ගැලීම සඳහා නිශ්චිත දිශාවක් පවතී.
  • ධාරාව ගලනු ලබන සම්මත දිශාව ලෙස සලකනුයේ ධන අග්‍රයේ සිට ඍණ අග්‍රය දක්වා යි.

විද්‍යුත් ධාරාවක දිශාව හඳුනා ගැනීම සඳහා මැදබින්දු ගැල්වනෝමීටරයක් හෝ මැදබින්දුව සහිත ඇමීටරයක් / මිලි ඇමීටරයක් භාවිත කළ හැකි ය