වීජීය ප්‍රකාශන

එක්තරා වෙළෙඳසලකට දිනකට එක ම කිරි ප්‍රමාණයක්, විකිණීම සඳහා මිල දී ගනු ලැබේ. එම මිල දී ගන්නා කිරි ප්‍රමාණයේ අගය නොදන්නේ නම්, එම කිරි ප්‍රමාණය නියත සංඛ්‍යාවක් වුවත් එය සංඛ්‍යාවක් මගින් දැක්විය නොහැකි ය.

මෙලෙස යම් ප්‍රමාණයක සංඛ්‍යාත්මක අගය නොදන්නා විට එම අගය නියත අඥාතයක් ලෙස හඳුන්වනු ලැබේ.

නිමල්ගේ වෙළෙඳසැලෙහි දෛනික ආදායම එක් එක් දවසේ වෙළෙඳාම අනුව විවිධ අගයන් ගනී.

නිමල්ගේ වෙළෙඳසැලෙහි දෛනික ආදායම නිශ්චිත අගයක් නොගන්නා බැවින්, එම අගය විචල්‍යයකි.
නියත අඥාතයක් හෝ විචල්‍යයක් හෝ නිරූපණය කිරීමට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි හෝඩියේ කුඩා ඉංග්‍රීසි අක්ෂර භාවිත
කරනු ලැබේ.

නිමල්ගේ වෙළෙඳසැලෙහි දෛනික ආදායම x මගින් දැක්විය හැකි ය. නිමල් තම වෙළෙඳසැලෙන් දිනකට ලබන ආදායමෙන් රුපියල් 500ක් ඔහුගේ මවට දෙනු ලැබේ. ඒ අනුව නිමල් අම්මාට රුපියල් 500ක් දුන් පසු නිමල් ළඟ ඉතිරි වන මුදල රුපියල් x-500 වේ.

x-500 යන ප්‍රකාශනය වීජීය ප්‍රකාශනයක් වේ.
x සහ 500 එම වීජීය ප්‍රකාශනයේ පද ලෙස හැඳින්වේ.

රඹුටන් ගෙඩි 350ක්, ගෙඩියක් රුපියල් x බැගින් විකුණන්නේ නම්, ලැබෙන මුදල් ප්‍රමාණය රුපියල් 350x වේ. 350x වීජීය පදයේ 350, xහි සංගුණකය වේ.