ශ්‍රී පාදය වැන්දවූ හැටි

කිසියම් ජන කොට්ඨාසයක් අතර කලාන්තරයක් තිස්සේ කටින් කට පැවත එන කතාන්දර, කවි, පිරුළු, රූඪි ආදිය ජනශ්‍රැතිය ලෙස හැඳින්වෙයි. ජනශ්‍රැතියෙන් අදාළ ජන කොට්ඨාසයේ ලෝකය පිළිබඳ විශ්වාස සහ දැක්ම නිරූපණය වේ. එමෙන් ම ජන කොට්ඨාසයක ලේඛන ගත නොවූ ඉතිහාසය ජනශ්‍රැතියක ඇතුළත් විය හැකි ය. ඉතිහාස ග්‍රන්ථවල ඇතුළත් නොවන වැදගත් තොරතුරු ද ඇතැම් විට ජනශ්‍රැතියෙහි ගැබ් විය හැකි ය. ජන කතාව ජනශ්‍රැතියට අයත් සාහිත්‍යාංගයකි. ගැමි ජනයාගේ ජීවිතයේ ප්‍රකට වන සතුට, ශෝකය මෙන් ම ජීවිතයේ විවිධ සිද්ධි හා අවස්ථා වෙත ඔවුන් විසින් හෙළන ලද උපේක්ෂා සහගත දෘෂ්ටිය ද ජන කතාවල සියුම් ලෙස නිරූපණය වී ඇත. මෙහි එන ජන කතාව විශ්‍රාමික විදුහල්පතිවරයකු වූ ඩී. පී. වික්‍රමසිංහ මහතාගේ මග දිගට ජන කතා’ කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි.