සත්ථා දේව මනුස්සානං

මෙම ගුණයෙන් ප්‍රකාශ වන්නේ බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ගේ ශාස්තෘවරයා යන්නයි.

“සත්ථා” යනු සාර්ථවාහකයා ය. එනම් වෙළෙඳ කණ්ඩායම් නායකයා ය. අනතුරුවලින් වැළකී, නියමිත ස්ථානයට ළඟාවන වෙළෙඳ නායකයා මෙන් දුකින් පෙළෙන සත්ත්වයන්ට නිවන් මග පෙන්වා දී සසර කතරින් එතෙර ව නිවනට ළඟාවීමට තුන් ලොවට ම මග පෙන්වූ ගුරුවරයා යන අදහසින් උන් වහන්සේ සත්ථා දේවමනුස්සානං නම් වන සේක.

බුදුගුණාලංකාරයේ මෙම ගුණය මෙසේ දක්වා ඇත.