සිදුහත් බෝසතාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනක උතුම් වූ බුද්ධත්වයට පත් වූ සේක. එතැන් පටන් පන්සාළිස් වසක් පුරාවට ම මහ කරුණාවෙන් ලෝකයාට දහම් මග පෙන්වාදුන් උන් වහන්සේ අවසන් වස්කාලය ගත කළේ බේලුව ගමෙහි ය. තවත් දස මාසයකින් තමන් වහන්සේ පිරිනිවන් පා වදාරන බව ඉටා ගත්තේ එහිදී ය.