වෙළෙඳපොළේ ඇති විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත තේ කුඩු පැකට්ටු කිහිපයක් පහත දැක්වේ. එක් එක් පැකට්ටුව මත සටහන් කර ඇති ප්‍රමාණ නිරීක්ෂණය කරන්න.
මෙහි, එක් එක් පැකට්ටුවේ අඩංගු තේ කුඩු ප්‍රමාණයන්, ග්‍රෑම් (g) සහ කිලෝග්‍රෑම් (kg) වලින් දක්වා ඇති බව පෙනී යයි.
එම ප්‍රමාණ පිළිබඳ ව පහත සඳහන් පරිදි විස්තර කළ හැකි ය.
● පළමු පැකට්ටුවේ අඩංගු තේ කුඩු ප්‍රමාණය ග්‍රෑම් 50කි. එය 50 g ලෙස දක්වා ඇත.
● දෙවන පැකට්ටුවේ අඩංගු තේ කුඩු ප්‍රමාණය ග්‍රෑම් 500කි. එය 500 g ලෙස දක්වා ඇත.
● තෙවන පැකට්ටුවේ අඩංගු තේ කුඩු ප්‍රමාණය කිලෝග්‍රෑම් 1කි. එය 1 kg ලෙස දක්වා ඇත.
දැන් අපි ස්කන්ධය යනු කුමක් දැයි විමසා බලමු.
ස්කන්ධය යනු වස්තුවක ඇති ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ මිනුමකි. ඒ අනුව, ඉහත 50 g ලෙස සඳහන් පැකට්ටුවේ ඇති තේ කුඩු සඳහා අදාළ ද්‍රව්‍ය ප්‍රමාණය, එනම් තේ කුඩුවල ස්කන්ධය 50 gකි. එලෙසම අනෙක් පැකට්ටු දෙකේ ඇති තේ කුඩුවල ස්කන්ධය 500 g හා 1 kg වේ.
හාල් මිටියේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50කි. එනම් 50 kg වේ.
ග්‍රෑම් සහ කිලෝග්‍රෑම් යනු ස්කන්ධය මැන ගැනීම සඳහා භාවිත වන මිනුම් ඒකක දෙකකි. අපි නිවසට අවශ්‍ය බොහෝ ද්‍රව්‍ය වෙළඳපොළෙන් මිල දී ගැනීමේ දී ග්‍රෑම් හෝ කිලෝග්‍රෑම් යන ප්‍රමාණවලින් ඒවා ලබා ගනිමු.
ස්කන්ධය මැනීම සඳහා භාවිත කරනු ලබන පඩි කිහිපයක් සහ තරාදියක් පහත දැක්වේ.
පඩියක හෝ පඩි කිහිපයක හෝ ස්කන්ධය, ද්‍රව්‍යයක ස්කන්ධය සමඟ සංසන්දනය කර, එහි ස්කන්ධය මැන ගැනීමට තරාදියක් භාවිත කරනු ලැබේ.
1 kg පඩිය යොදා ගනිමින් අල 1 kg මැන ගන්නා අයුරු පහත දැක්වේ. තරාදියේ එක් පසෙකට ස්කන්ධය මැන ගැනීම සඳහා භාවිත කෙරෙන පඩි ද අනෙක් පසට අල ද යොදනු ලැබේ.