අප විශ්වය තුල සෞරග්‍රහ මණ්ඩල විශාල සංඛ්‍යාවක් පවතී. එයින් එකක් වන අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුල හිරු වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝක 09කි.
ඒ බුද, සිකුරු, පෘථිවි, අගහරු, බ්‍රහස්පතී, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ ලෙසිනි.
අප ජීවත් වන පෘථිවියද ග්‍රහලෝකයකි.
දැනට ජීවය පවතින එකම ග්‍රහලොවද මෙයයි.
පෘථිවිය සෑදී තිබෙන්නේ ආසන්න වශයෙන් මීට අවුරුදු බිලියන 4.5ක් තරම් ඈත කාලයක දීය.
පෘථිවිය සෑදෙන්නට ඇත්තෙ අහසේ තිබූ දූවිලි වලාකුළකින් එක්වී බව පොදු විශ්වාසය වේ. මෙවැනි දූවිලි වලාවක් ‘නිහාරිකාවක්’ ලෙස හඳුන්වා ඇත. එය ඉංග්‍රීසි භාෂාවෙන් “නෙබියුලා” (nebula) ලෙස හඳුන්වයි.
පෘථිවිය සෑදෙන අවස්ථාවේ එය මහත් උණුසුමකින් යුක්ත විය. පසුව ක්‍රමයෙන් එය සිසිල් වීමට පටන් ගත් නමුත් එහි මැද කොටස තවමත් දැඩි උණුසුමකින් යුක්තය. එහි ඌෂ්ණත්වය සෙල්සියස් අංශක 6000ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. ඒවා “ලාවා” ලෙස හඳුන්වයි. ජලය උතුරන්නේ සෙල්සියස් අංශක 100ට රත් වූ විටය. එවිට පෘථිවියේ ඇතුළත ඌෂ්ණත්වය කෙතරම් දැයි ඔබට දළ වශයෙන් සිතා ගැනීමට හැකි වනු ඇත.
Username or Email Address
Password
Remember Me
Username
Email
Password: Confirm Password:
Are you human? Please solve:
Registration confirmation will be emailed to you.