 මූලද්‍රව්‍ය හා සංයෝග සංශුද්ධ ද්‍රව්‍ය වේ.
 මූලද්‍රව්‍ය හා සංයෝග සංශුද්ධ ද්‍රව්‍ය වේ. 
   එහෙත් මිශ්‍රණ සංශුද්ධ ද්‍රව්‍ය නො වේ.
 එහෙත් මිශ්‍රණ සංශුද්ධ ද්‍රව්‍ය නො වේ. 
   ස්වාභාවික පරිසරය තුළ බහුල ව ඇත්තේ සංශුද්ධ ද්‍රව්‍ය නොව, මිශ්‍රණ ය.

     නිදසුන් :-
            වාතය, පස, සාගර ජලය, ගංඟා ජලය, පාෂාණ සිසිල් බීම, පලතුරු බීම, තේ, කෝපි ආදී පාන වර්ග ද අයිස්ක්‍රීම්, යෝගට්, පලතුරු සලාද වැනි ආහාර වර්ග ද මිශ්‍රණ වේ.

   සංශුද්ධ ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක එකතුවක් මිශ්‍රණයක් යනුවෙන් ද මිශ්‍ර වී ඇති එක් එක් ද්‍රව්‍ය එම මිශ්‍රණයේ සංඝටක යනුවෙන් ද හැඳින් වේ.

   සංඝටක මිශ්‍ර වී පවතින විට ද ඒවායේ රසායනික ස්වභාවය වෙනස් නොවේ.

   එනම් මිශ්‍රණයක් සෑදී ඇති සංඝටකවල අනන්‍යතාව මිශ්‍රණයේ දී ද නො වෙනස් ව පවති.

   එමෙන් ම මිශ්‍රණයක පවතින සංඝටක භෞතික ක්‍රම මඟින් වෙන් කළ හැකිවේ.

සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් රසායනිකව වෙනස් නොවී මිශ්‍ර වී පවතින්නාවූ ද සංඝටක භෞතික ක්‍රම මගින් වෙන් කරගත හැකි වූ ද පදාර්ථ මිශ්‍රණ ලෙස හැදින්වේ.
   මිශ්‍රණය තුළ සංඝටක ව්‍යාප්ත වීමේ ස්වභාවය අනුව ඒවා වර්ග දෙකකට බෙදිය හැකි ය.

      මිශ්‍රණය පුරා සංඝටකවල සංයුතිය ඒකාකාර වන මිශ්‍රණ

        නිදසුන :- 
               ලුණු ජලයේ දිය කර සාදාගත් මිශ්‍රණය
 ලුණු ජලයේ දිය කර සාදාගත් මිශ්‍රණය
      මිශ්‍රණය පුරා සංඝටකවල සංයුතිය ඒකාකාර නොවන මිශ්‍රණ
 මිශ්‍රණය පුරා සංඝටකවල සංයුතිය ඒකාකාර නොවන මිශ්‍රණ
        නිදසුන :- 
               මැටි ජලයේ දිය කර සාදාගත් මිශ්‍රණය
 මැටි ජලයේ දිය කර සාදාගත් මිශ්‍රණය
   සමජාතීය මිශ්‍රණ
 සමජාතීය මිශ්‍රණ
මිශ්‍රණය පුරා එක ම සංයුතියක් සහිත මිශ්‍රණ සමජාතිය මිශ්‍රණ ලෙස හැඳින් වේ.
   සමජාතීය මිශ්‍රණයක වර්ණය, විනිවිද පෙනෙන බව, ඝනත්වය වැනි භෞතික ලක්ෂණ සෑම තැනක ම එක සමාන වේ.

   සමජාතීය මිශ්‍රණ ද්‍රාවණ ලෙස ද හැඳින් වේ.
 සමජාතීය මිශ්‍රණ ද්‍රාවණ ලෙස ද හැඳින් වේ.
     නිදසුන් :- 
            ලුණු ද්‍රාවණය, සීනි ද්‍රාවණය.
 ලුණු ද්‍රාවණය, සීනි ද්‍රාවණය.
   විෂමජාතීය මිශ්‍රණ
 විෂමජාතීය මිශ්‍රණ
   මිශ්‍රණය පුරාම සංයුතිය ඒකාකාර නොවන මිශ්‍රණ විෂමජාතීය මිශ්‍රණ ලෙස හැදින්වේ.

   විෂමජාතීය මිශ්‍රණයක, මිශ්‍රණය පුරා තැනින් තැනට සංඝටක අංශුවල පැතිරීම වෙනස් වේ.

   එම නිසා මිශ්‍රණයේ වර්ණය, විනිවිද පෙනෙන බව, ඝනත්වය ආදී භෞතික ලක්ෂණ තැනින් තැනට වෙනස් වේ.

            මැටි දිය කළ ජලය, රෙදිවලට දමන නිල් කුඩු දිය කළ ජලය, සිමෙන්ති බදාම, සරුවත් බීම, පළතුරු සලාද