කථා කිරීමේ දී මුවින් නිකුත් වන ශබ්ද ලියා දක්වන දෘෂ්ටිගෝචර සංකේත අක්ෂර හෙවත් අකුරු නමින් හැඳින්වේ.එම සංකේත භාෂාවෙන් භාෂාවට වෙනස් වේ. අක්ෂර සඳහා ‘වර්ණ’ යන නම ද භාවිත වේ. ඒ අනුව, සිංහල හෝඩිය, සිංහල අක්ෂර මාලාව, සිංහල වර්ණ මාලාව යන නම්වලින් හැඳින්වෙන්නේ සිංහල භාෂාවේ ශබ්ද ලියා දක්වන සංකේත සමූහයයි. සිංහල භාෂාවේ අක්ෂර මාලාව අක්ෂර 60කින් සමන්විත වේ.
සිංහල අක්ෂර මාලාව ප්‍රධාන වශයෙන් කොටස් 2කට වෙන් කළ හැකි ය. ස්වර ව්‍යඤ්ජන
ස්වර
වෙනත් ශබ්දයක උපකාරයකින් තොර ව තනි ව උච්චාරණය කළ හැකි අකුරු ‘ස්වර’ නමින් හැඳින්වේ. සිංහල අක්ෂර මාලාවේ ස්වර 18කි.
ස්වර ද තවත් අනුකොටස් 2කට වෙන් කළ හැකි ය. ඒ කෙටි ස්වර (හ්‍රස්ව ස්වර) හා දික් ස්වර (දීර්ඝ ස්වර) වශයෙනි.
කෙටි ස්වර, ලුහු ස්වර (හ්‍රස්ව ස්වර) – ස්වර උච්චාරණයට ගත වන කාලය අඩු ය.
දික් ස්වර, ගුරු ස්වර (දීර්ඝ ස්වර) – ස්වර උච්චාරණයට ගත වන කාලය කෙටි ස්වරවලට වඩා සාපේක්ෂව වැඩි ය.
Username or Email Address
Password
Remember Me
Username
Email
Password: Confirm Password:
Are you human? Please solve:
Registration confirmation will be emailed to you.