වස්තුවක් ආරෝපණය කිරීම ඉතා කුඩා ප්‍රමාණයේ වියළි කඩදාසි කැබලි කිහිපයක් කපා ගන්න.
එම කඩදාසි කැබලි මේසයක් මත තබන්න.
පෑනකින් වියළි හිසකෙස් පිරිමඳින්න.
එම පෑන කඩදාසි කැබලි අසලට ගෙන එන්න.
ඔබට කුමක් නිරීක්ෂණය කළ හැකි වේද?
කඩදාසි කැබලි පෑන වෙත ආකර්ෂණය වන ආකාරය නිරීක්ෂණය කළ හැකි ය.
අමතර දැනුමටවිලියම් ගිල්බර්ට් නම් විද්‍යාඥයා විසින් ඇම්බර් නමින් හඳුන්වන ඝන ද්‍රව්‍ය කැබැල්ලක් සේද රෙදිවලින් පිරිමැදීම කළ විට ඒ වෙත සිහින් කඩදාසි කැබලි කුරුලු පිහාටු වැනි සැහැල්ලු ද්‍රව්‍ය ආකර්ෂණය වන බව නිරීක්ෂණය කරන ලදි.
පිරිමැදීමේ දී ද්‍රව්‍ය මතුපිට විද්‍යුත් ආරෝපණ හට ගන්නා බවත් මේ නිසා එම ද්‍රව්‍ය වෙත සැහැල්ලු දේ ආකර්ෂණය වන බවත් ගිල්බර්ට් විසින් ප්‍රකාශ කරන ලදී.
ඇතැම් ද්‍රව්‍ය පිරිමැදීමේ දී ඒවා මත විද්‍යුත් ආරෝපණ ඇති වේ.
පිරිමැදීම නිසා ද්‍රව්‍ය මතුපිට හටගන්නා විද්‍යුත් ආරෝපණ ස්ථිති විද්‍යුත් ආරෝපණ ලෙස හැදින්වේ.
ස්ථිති විද්‍යුත් ආරෝපණ වර්ග
ආරෝපිත දඬු අතර ආකර්ෂණ හා විකර්ෂණ ඇති වීමට හේතුව ස්ථිති විද්‍යුත් ආරෝපණ වර්ග දෙකක් පැවතීමයි.
ඒවා පහත පරිදි වේ.
ධන (+) ස්ථිති විද්‍යුත් ආරෝපණ
ඍණ (-) ස්ථිති විද්‍යුත් ආරෝපණ
සජාතීය ස්ථිති විද්‍යුත් ආරෝපණ සහිත වස්තූ අතර විකර්ෂණ ඇති වේ.
විජාතීය ස්ථිති විද්‍යුත් ආරෝපණ සහිත වස්තූ අතර ආකර්ෂණ ඇති වේ.
එහෙයින් සේදවලින් පිරිමදින ලද වීදුරුවලට (+) ස්ථිති විද්‍යුත් ආරෝපණයක් ද, ලෝමවලින් පිරිමදින ලද එබනයිට්වලට (-) ස්ථිති විද්‍යුත් ආරෝපණ ද ලැබේ.