විදුලි ජනනය

දිනක් උදා වී නිම වන තෙක් ම අපි බොහෝ කාර්යයන්හි නියැළෙන්නෙමු.
ඒ සඳහා විවිධ උපකරණ ද භාවිත කරන්නෙමු.
එදිනෙදා කටයුතු පහසුකර ගැනීම සඳහා භාවිත කරන බොහෝ උපකරණ ක්‍රියා කරනුයේ විදුලියෙන් බව ඔබ දන්නා කරුණකි.

විද්‍යුත් ප්‍රභව

විද්‍යුතය නිපදවනු ලබන උපාංග “විද්‍යුත් ප්‍රභව” ලෙස හැදින් වේ.

අපට හමුවන ඇතැම් විද්‍යුත් ප්‍රභව තුළ විදුලිය උත්පාදනය වනුයේ රසායනික ක්‍රියාවලියක් මගිනි.
මේවා තුළ විවිධ රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වේ.

නිදසුන් – වියළි කෝෂ, සරල කෝෂ, වාහන බැටරි

කරකැවීම හෝ චලනය කිරීම මගින් ඇතැම් විද්‍යුත් ප්‍රභව විදුලිය නිපදවනු ලබයි.

නිදසුන් – බයිසිකල් ඩයිනමෝව, විදුලි ජනක යන්ත්‍ර

අපට හමුවන විද්‍යුත් ප්‍රභව විදුලිය උත්පාදනය වන ක්‍රමය අනුව පහත ආකාරයට දැක්විය හැකි ය.

විද්‍යුත් කෝෂ සහ බැටරි – රසායනික ක්‍රියාවලි මගින් විදුලිය නිපදවන උපාංග
ඩයිනමෝව – චලනය මගින් / කරකැවීම මගින් විදුලිය නිපදවන උපාංග
සූර්ය කෝෂ – සූර්ය ශක්තිය මගින් විදුලිය උත්පාදනය වන උපාංග

කෝෂ සහ බැටරි

ඔබ විසින් නිපදවනු ලැබුවේ සරල කෝෂය නැමැති උපකරණයයි.
බල්බය දැල්වීම සහ ඇමීටරයේ කටුව චලනය වීම මගින් විද්‍යුතය උත්පාදනය වී ඇති බව පැහැදිලි වේ.
දඟරය රත්වීමට හේතුව ද ඒ තුළින් විදුලි ධාරාව ගැලීමය

අමතර දැනුමට

මැදබින්දු ඇමීටරය

සන්නායකයක් තුළින් ගලන විදුලි ධාරා ප්‍රමාණය මෙන් ම විදුලි ධාරාව ගලන දිශාව හඳුනා ගැනීමට මැදබින්දුව සහිත ඇමීටරය හෝ මැදබින්දුව සහිත මිලි ඇමීටරය උපකාරී වේ.

ධාරාව මනිනු ලබන සම්මත ඒකකය ඇම්පියරය (A) වේ. කුඩා ධාරාවල් මැනීම සඳහා මිලි ඇමිපියර (mA) යන උප ඒකකය ද භාවිත කරයි.

කෝෂ කිහිපයක් නිවැරදිව එකිනෙක සම්බන්ධ කරන ලද ඇටවුමක් බැටරියක් ලෙස හැඳින් වේ.
කෝෂයකට වඩා වැඩි විදුලි ධාරාවක් බැටරියක් මගින් ලබාගත හැකි ය.