ශාක කොටස්වල විවිධත්වය හා කෘත්‍ය

වනාත්තරයක සුන්දරත්වය හා අපූර්වත්වයට ප්‍රධාන හේතුව වනුයේ ශාක අතර පවතින
මෙම පුළුල් විවිධත්වය යි. ශාක ප්‍රමාණයෙන් හා රූපීය ලක්ෂණවලින් එකිනෙකට
වෙනස් වේ. මෙම විවිධත්වයට හේතු වනුයේ ශාක සිය පැවැත්ම සඳහා පරිසරයට දක්වන
විවිධ අනුවර්තන යි.

 ශාකයක් නිරීක්ෂණය කිරීමේ දී එහි කැපී පෙනෙන අවයවය ලෙස ශාක පත්‍ර හැඳින්විය හැකි ය.
 ශාක පත්‍ර බොහොමයක් කොළ පැහැති ය.
ශාක පත්‍රවල ප්‍රධාන කෘත්‍යය වනුයේ ප්‍රභාසංශ්ලේෂණය යි.
 කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජලය අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන ආලෝක ශක්තිය ආධාරයෙන් හරිත පත්‍ර ඇති ශාක තුළ සිදු වන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභාසංශ්ලේෂණය ලෙස හැඳින්වේ.
 බොහෝ ශාක පත්‍ර තුනී හා පළල් පත්‍ර තලයකින් යුක්තව සැකසී ඇති නිසා එහි පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වැඩි වේ.
 එවිට ප්‍රභාසංශ්ලේෂණයට අවශ්‍ය ආලෝක ශක්තිය කාර්යක්ෂම ලෙස අවශෝෂණය කර ගත හැකි බව පෙනේ.
ගනකමින් වැඩි මාංසල ශාක පත්‍ර ද දැකිය හැකි ය.
 එසේ ශාක පත්‍ර තලය ගනකම් වී ඇත්තේ අහිතකර (ශුෂ්ක) පාරිසරික තත්ත්වවලට අනුවර්තනයක් ලෙසිනි.
     නිදසුන් – අරලිය, කනේරු, කෝමාරිකා

 සෑම ශාක පත්‍රයක ම පත්‍ර වෘන්තය, පත්‍ර පාදය, පත්‍ර දාරය හා පත්‍ර අග්‍රය යන කොටස්වල
හැඩය එකිනෙකට සමාන වන්නේ ද?

 පත්‍ර තලය නිරීක්ෂණය කළ විට එය විවිධ හැඩ සහිත බව දැකිය හැකිවේ.

     නිදසුන් :-

 තෝරා ගත් ශාක පත්‍රවල පුළුල් විවිධත්වයක් ඇති බව ඔබ නිරීක්ෂණය කරන්නට ඇත.
 එසේ විවිධත්වයකින් යුක්ත වන්නේ පත්‍රවල ප්‍රධාන කෘත්‍ය මෙන් ම වෙනත් විවිධ කෘත්‍ය
ඉටු කිරීම සඳහා එම පත්‍ර අනුවර්තනය වී ඇති බැවිනි.

 ශාක පත්‍රවල අග්‍ර නිරීක්ෂණය කළ විට පත්‍ර අග්‍රය තියුණු හෝ චක්‍රීය හෝ උල් සහිත,
බෙදුණු ආදී විවිධ ආකාර දක්නට ලැබේ.

     නිදසුන් :-

 පත්‍ර දාරය නිරීක්ෂණය කළ විට එය කඩතොළු සහිතව හෝ සුමටව පැවතිය හැකි ය.

     නිදසුන් :-

 පත්‍ර පාදය හා පත්‍ර වෘන්තය ද විවිධ ආකාරවලට හැඩ ගැසී ඇත.

     නිදසුන් :-