ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත

 අප අවට පරිසරයේ මෙන් ම අපගේ දේහය තුළ ද ක්ෂුද්‍ර ජීවීහු වෙසෙති.
 බොහෝ ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය මිනිසාට හා අනෙකුත් සත්ත්වයන්ට ද ශාකවලට ද හිතකර වේ.
 සමහර ක්ෂුද්‍ර ජීවීහු අහිතකර තත්ත්ව ඇති කරති.
 පෘථිවිය මත වෙසෙන ජීවීන් අතරින් ඉතා පුළුල්ව ව්‍යාප්ත වූ සුලබතම ජීවී කාණ්ඩය වනුයේ ක්ෂුද්‍ර ජීවීන් ය.
    ක්ෂුද්‍ර ජීවීන් ඉතා සරල ව්‍යුහයක් දරන අතර ඔවුන්ගේ වර්ධන හා ප්‍රජනන වේගය ද ඉතා ඉහළ ය.
    විවිධ වූ පරිසර තත්ත්ව මෙන් ම විවිධ පෝෂණ ආකාරවලට අනුවර්තනය වූ ක්ෂුද්‍ර ජීවීහු වෙති.
    ක්ෂුද්‍ර ජීවීන් අතර ඒකසෛලික මෙන් ම බහුසෛලික ජීවීහු ද සිටිති.

 ප්‍රධාන ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ ලෙස බැක්ටීරියා, දිලීර, ඇල්ගී හා ප්‍රොටොසොවා දැක්විය හැකි ය.