අතීතයේ තිබූ කර්මාන්ත 01

   විජයාවතරණයට පෙර සිටම ලංකාවේ විවිධ කර්මාන්ත පැවත ඇත.
   විශේෂයෙන්ම පුර්ව ඓතිහාසික යුගයේ සිට ලංකාවේ යකඩ, වානේ කර්මාන්තය, මැටි කර්මාන්තය පැවති බවට සාක්ෂි පවතියි.
    සංඝමිත්තා තෙරණියගේ පැමිණිමත් සමඟ අටලොස් කුලයක ශිල්ප ශ්‍රේණි ලංකාවට පැමිණෙන ලදී.
   මෙරට ජනතාවගේ එදිනෙදා ජිවිතයේ අවශ්‍යතා පුර්ණ කර ගැනිම සඳහා විවිධ කර්මාන්ත පවත්වාගෙන ගිය අතර මෙම පිරිස ශිල්පින් ලෙස හඳුන්වයි.
   එසේම සමහර ශිල්පින් කණ්ඩායම් ලෙස වෙනම ගම්වල පවා ජිවත් වී ඇත.
   තමන්ගේ කර්මාන්තයට අවශ්‍යය අමුද්‍රව්‍ය බහුල ප්‍රදේශ වල මෙම ශිල්පින් පදිංචිව සිටිම දක්නට ඇත.