අපේ පැරණි ජන ජීවිතය

   අපේ රටේ ආරම්භය පිළිබඳව හා ඉතිහාසයේ වාසය කළ අපේ මුතුන් මිත්තන්ගේ ජන ජීවිතය පිළිබඳව විවිධ කරුණු පිළිබඳව ඔබට අවබෝධයක් මේ වන විටත් පවතියි.
   සාමාන්‍යයෙන් ලාංකීය ඉතිහාසය තුල මුලික පිළිගැනිම වන්නේ විජයාවතරණය තුලින් මෙරට ජනාවාස වීමයි.
   කෙලෙස නමුත් ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් ලංකාවේ වාසය කළ මානව ප්‍රජාවක්ද සිටි බව අමතක නොකළ යුතුයි.

   ලංකාවේ මුලින්ම ජනාවාස වන්නේ වියළි කලාපයයි.
   වර්තමානයේ අනුරාධපුරය, පොළොන්නරුව හා හම්බන්තොට වැනි ප්‍රදේශ අතීතයේ වියළි කලාපීය කෘෂිකර්මාන්තය අතින් පෝෂණය වී ගංගා ආශ්‍රිතව ජනාවාස බවට පත් වී තිබුණි.
   මෙම ජනයා ඉතා සරල ජන ජිවිතයකට උරුමකම් කිවු අතර වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන ඒකක සමඟ මෙම ජනයා ඉතා සමීපව කටයුතු කරන ලදී.

 අතීත ජනතාවගේ ජීවන රටාව ක්ෂේත්‍ර 03 යටතේ විමසිය හැකිය.
        කෘෂිකර්මාන්තය
        කර්මාන්ත
        වෙළෙඳාම

   අතීතයේ වියළි කලාපයේ ජීවත් වු ජනතාව තම ප්‍රධාන ජීවනඋපාය බවට පත් කර ගත්තේ කෘෂිකර්මාන්තයයි.
   විශේෂයෙන්ම මෙම ජනතාව වියළි කලාපය ආශ්‍රිතව පදිංචි විමට හේතුව වන්නේද එම ප්‍රදේශ කෘෂිකර්මය සඳහා ඉතාමත් සුදුසු විමයි.
  සරුපස, තැනිතලා භුමිය, ගංගා වලින් ජලය පහසුවෙන් ලබා ගැනිමට හැකිවිම වැනි කාරණා එහිදි ප්‍රබල ලෙස බලපාන ලදී.
   කෙසේ නමුත් මෙම ජනතාව මුහුණ දුන් ප්‍රධාන අභියෝගය තමන්ට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගැනිමයි.

 අතීතයේ සිදුකළ කෘෂිකර්මාන්තය ප්‍රධාන අංශ දෙකකි.
        හේන් ගොවිතැන
        මඩ ගොවිතැන