ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය

 ඉතිහාසය හැදෑරීමේදි වැදගත්ම සාධකය වන්නේ මූලාශ්‍ර පිළිබඳව අවබෝධය තිබීමයි. අතීතය පිළිබඳව තොරතුරු ගත හැකි ලේඛන හා ඉතිරි වී පවතින භෞතික දේවල් මූලාශ්‍ර ලෙස හඳුනාගත හැකියි.

ඉතිහාසය හැදෑරීමට පවතින මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළ හැකිය.

  1. සාහිත්‍ය මූලාශ්‍රය
  2. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය

     සාහිත්‍ය මූලාශ්‍ර

ලේඛන ගත වී ඇති පුස්තක හෝ ලේඛන ලෙස පවතින දේ සාහිත්‍ය මූලාශ්‍ර වලට අයත් වේ. මේවා දේශීය, විදේශීය ලෙස වර්ග කළ හැකි අතර මීට අමතරව ගද්‍ය, පද්‍ය ලෙසද වර්ග කළ හැකියි.