ජීවී බව පිළිබඳ ව පොදුවේ පිළිගත හැකි ලක්ෂණ, එනම් ජීවීන්ට පොදු ලාක්ෂණික පහත දැක්වේ.
🦠 ඒක සෛලික (Unicellular) ජීවීන්ගේ ව්‍යුහය සැලකූ විට පෙනී යන්නේ එය සෛල ප්ලාස්මය සහ එහි අඩංගු ඉන්ද්‍රියිකා, ප්ලාස්ම පටලයෙන් වට වී ඇති ව්‍යුහයක් ලෙසයි.
🦠 එම ඒක සෛලීය අවස්ථාව, ජීවියකු වන අතර ජීවීන්ගේ ලාක්ෂණික එමගින් ප්‍රකාශ කරයි.
🦠 පොකුණු ජල සාම්පලයක් හෝ පිදුරු නිස්සාරකයක් අණ්වීක්ෂයෙන් පරික්ෂා කර බැලූ විට ඔබට ඒක සෛලික ජීවීන් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය.
🦠 ඒක සෛලික ජීවියකු තුළ ඉන්ද්‍රියිකා මට්ටමේ සංවිධානයක් ඇත.
🦠 බහු සෛලික ජීවියකුගේ ද ආරම්භය සිදුවන්නේ ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සංසේචනය වීමෙන් හට ගන්නා තනි සෛලයක් වන යුක්තාණුවක් මගිනි.
🦠 උදාහරණයක් ලෙස මිනිසාගේ කලල විකසනය සිදුවන අයුරු දළ සටහනකින් පහත රූපයේ දැක්වේ.
🦠 බහුසෛලික ජීවියකුගේ දේහය විවිධ සෛල වර්ගවලින් සමන්විතය.
🦠 එම සෛල විවිධ කෘත්‍යයන් සඳහා වැදගත් වේ.
🦠 පහත රූප වල ශාක දේහයක විවිධ සෛල වර්ග සංවිධානය වී ඇති ආකාරයත්, මිනිස් සිරුර තුළ විවිධ සෛල වර්ග සංවිධානය වී ඇති ආකාරයත් නිරූපණය කෙරේ.
🦠 පරිනාමිකව උසස් බහු සෛලික ජීවීන් තුළ පටක හා පද්ධති මට්ටමේ සංවිධානයක් ඇති අතර එම ජීවීන්ගේ ඉන්ද්රියයන් පවා දියුණු මට්ටමකින් අදාළ කාර්යයන් කිරීමට අවශ්‍ය පරිදි නිර්මාණය වී ඇත.
නිදසුන් – දිව, ඇස,හෘදය
🦠 සජීවී තත්ත්වයේ පවතින කුඩා ම ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වන අතර නිශ්චිත කාර්යයක් සඳහා විශේෂණය වූ සෛල සමූහයක් පටකයක් ලෙස හැඳින්වේ.
🦠 පටක කිහිපයක එකතුවෙන් ඉන්ද්‍රියයක් සෑදෙන අතර, ඉන්ද්රිය සමූහනය වීමෙන් පද්ධතියක් සෑදෙයි.
🦠 පද්ධති එකතුවෙන් ජීවියකු ගොඩනැගෙයි.
🦠 පහත රූපයෙන් දැක්වෙන්නේ ජීවියකු තුළ හඳුනාගත හැකි සංවිධාන මට්ටම් රුධිර සංසරණ පද්ධතිය ඇසුරෙන් නිරූපණය කර ඇති ආකාරයයි.