තල රූප

තල රූප

අපි මුලින් ම තලයක් පිළිබඳ ව අවධානය යොමු කරමු.
පොත, කළුලෑල්ල, කෑම මේසය සහ දැන්වීම් පුවරුව වැනි ඒවායේ මතුපිට එක ම තලයක පිහිටයි.

දැන් අපි රේඛා ඛණ්ඩ පිළිබඳ ව මතක් කර ගනිමු.
පහතින් දැක්වෙන්නේ සරල රේඛා ඛණ්ඩයක් සහ වක්‍ර රේඛා ඛණ්ඩයක් වේ.

සරල රේඛා ඛණ්ඩ සහ වක්‍ර රේඛා ඛණ්ඩවලින් සමන්විත, එක ම තලයක අඳින ලද රූප ගණිතයේ දී තල රූප ලෙස හඳුන්වනු ලැබේ. පහත දැක්වෙන්නේ තල රූප කිහිපයකි.

සංවෘත තල රූප සහ විවෘත තල රූප

රේඛා ඛණ්ඩවලින් සම්පූර්ණයෙන් ම වට වී ඇති පහත දැක්වෙන ආකාරයේ තල රූප සංවෘත තල රූප වේ.

රේඛා ඛණ්ඩවලින් සම්පූර්ණයෙන් ම වටවී නොමැති පහත දැක්වෙන ආකාරයේ තල රූප විවෘත තල රූප වේ.