දර්ශක

යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් ම නැවත නැවත කිහිප විටක් ගුණ කර ලියන තැන්වල දී එය කෙටි කර ලිවීමට දර්ශක අංකනය භාවිත කරනු ලැබේ.
ඒ පිළිබඳ ව ඔබ උගත් කරුණු සිහිපත් කර ගනිමු.

2 × 2 × 2යන්න දර්ශක අංකනයෙන් $$2^3$$ ලෙස ලියනු ලැබේ.
එනම්, $$2x2x2=2^3$$

දර්ශකය ධන නිඛිලයක් වන අවස්ථාවක දී දර්ශකයෙන් කියැවෙන්නේ පාදයේ ඇති සංඛ්‍යාව කී වාරයක් එම සංඛ්‍යාවෙන් ම ගුණ වී ඇත් ද යන්නය.