පිලේ පැදුර හේනට අරගෙන එනවා එළා පැදුර මැස්සේ එහි සැතපෙනවා රටා වියපු දෙක මට සිහිවෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා
ඉර පායා ඉර අවරට ගියාදෝ
හඳ පායා හඳ අවරට ගියාදෝ
ඇඬූ කඳුළු මූදට එක් වුණාදෝ
ළමා ළපටි නෑනා කොයි ගියාදෝ
එගොඩත් බැලිමි එගොඩත් නුඹ නැතේයා
මෙගොඩත් බැලිමි මෙගොඩත් නුඹ නැතේයා
දෙගොඩ ම බැලිමි දෙගොඩ ම නුඹ නැතේයා
සිවුපද කියන මම තනියම පැලේයා