දුර (Distance) යනු ඔබට හුරු පුරුදු සංකල්පයකි. ඔබ නිවසේ සිට පාසලට යන විට යම්
දුරක් ගෙවා යා යුතු ය. සමහර විට නිවසේ සිට පාසලට යා හැකි මාර්ග කිහිපයක් තිබිය
හැකි ය. ඉන් සමහරක් දුර වැඩි මාර්ග වන අතර සමහරක් දුර අඩු ඒවා විය හැකි ය.
ළමයකුට A නම් ස්ථානයේ සිට B නම් වෙනත් ස්ථානයක් දක්වා ගමන් කළ හැකි මාර්ග
කිහිපයක් 2.1 රූපයේ දැක්වේ.
A සිට P මාර්ගයේ ගමන් කළහොත් A හා B අතර දුර 320m වේ. Q මාර්ගයේ ගමන්
කළහොත් දුර 200m වේ. R මාර්ගය තෝරාගත හොත් දුර 240m වේ. මෙයින් පෙනෙන්නේ
දුර ආරම්භක සහ අවසාන ස්ථාන මත පමණක් නොව ගමන් කරන මාර්ගය අනුව ද
වෙනස් වන බව ය.