අප අවට පරිසරයේ දී නිරතුරුව ම අපට ශබ්ද ඇසේ. ශබ්ද හෙවත් ධ්වනි නිපදවෙන්නේ ද්‍රව්‍යවල සිදු වන කම්පන හේතුවෙනි.
ධ්වනිය හෙවත් ශබ්දය නිපදවන උපකරණ ධ්වනි ප්‍රභව ලෙස හැඳින්වේ. මේ අනුව එක් එක් ධ්වනි ප්රභවවල ධ්වනිය නිපදවන ක්‍රමය එකිනෙකට වෙනස් බව නිගමනය කළ හැකි ය.
ධ්වනිය නිපදවීමේ දී කම්පනය වන කොටස අනුව ධ්වනි ප්‍රභව කොටස් තුනකට බෙදා වෙන් කළ හැකි ය.
කෘත්‍රිම ශබ්ද මෙන් ම ස්වාභාවික ශබ්ද ද ඇතිවන්නේ තත්/දඬු හෝ පටල හෝ වා කඳන් හෝ කම්පනය වීමෙනි.
පියාඹන මී මැස්සන්ගේ ගුමු ගුමු නාදය ඇති වන්නේ ඔවුන්ගේ කුඩා පියාපත් වේගයෙන් දෙපසට සැලීම නිසා ය. පළඟැටියන් සහ රැහැයියන් ශබ්දය ඇති කරනු ලබන්නේ සිය පාදවල ඇති කෙඳි අනෙක් පාදයෙන් පිරිමැදීමෙන් ඇතිවන කම්පන හේතුවෙනි.