පදාර්ථයේ ස්වභාවය පිළිබඳව පිළිගත හැකි මතයක් පළමුව ඉදිරිපත් කරන ලද්දේ ක්‍රි:පූ: 460-370 යුගයේ විසූ ඩිමොක්‍රටීස් නම් ග්‍රීක දාර්ශනිකයා ය. ඔහුගේ මතයට අනුව පදාර්ථය ඉතා කුඩා අංශුවලින් සකස් වී තිබේ. පසු කාලීනව ක්‍රි:පූ: 384 – 270 යුගයේ විසූ ඇරිස්ටෝටල් නම් ග්‍රීක දාර්ශනිකයා පැවසූයේ පදාර්ථය අංශුවලින් සකස් වී නොමැති බවයි. ඇරිස්ටෝටල් හා ඩිමොක්රටීස්ගේ අනුගාමිකයින් අතර ග්‍රීසියේ ඇතැන්ස් නුවර දී පදාර්ථයේ ව්‍යූහ ස්වභාවය පිළිබඳව ප්‍රසිද්ධ විවාදයක් පැවතුණි. එම විවාදයෙන් “පදාර්ථය අංශූමය ස්වභාවයෙන් යුක්ත ය”යන මතය ජය ගත් අතර පසුව නූතන විද්‍යාඥයින් විසින් පදාර්ථය අංශුවලින් සෑදී ඇති බව පර්යේෂණාත්මකව තහවුරු කරන ලදී. පදාර්ථ අංශුවලින් සකස් වී තිබීමත් ඒවා අතර අවකාශ පැවතීමත් පදාර්ථයේ අසන්තත ස්වභාවය හෙවත් අංශුමය ස්වභාවය ලෙස හැඳින්වේ.
භෞතික ස්වභාවය අනුව පදාර්ථය ඝන, ද්‍රව හා වායු ලෙස වර්ග කළ හැකි ය. ඝන, ද්‍රව හා වායු පදාර්ථවල අසන්තත ස්වභාවය තහවුරු කර ගැනීමට විවිධ ක්‍රියාකාරකම් සිදු කළ හැකි ය.
රටහුනු කැබැල්ලක් ගෙන එය කැබලි දෙකකට කඩන්න. ඉන් එක් කැබැල්ලක් නැවත කොටස් දෙකකට කඩන්න. මේ ආකාරයට ලැබෙන රට හුනු කැබැල්ලක් නැවත නැවතත් කැඩිය හැකි කුඩා ම කොටස වන තෙක් කැබලිවලට කඩන්න. රටහුනු කැබැල්ල කොටස් දෙකකට වෙන් කළ විට ප්‍රමාණය කුඩා වී කැබලි දෙකක් ලැබෙනු ඇත. නැවත නැවතත් කැබලිවලට කැඩූ විට තව තවත් කුඩා වූ රටහුනු කැබලි ලැබේ. මේ ආකාරයට රටහුනුවල ගුණ නොවෙනස් වන සේ වෙන් කළ හැකි කුඩා ම රටහුනු කැබැල්ල රටහුන අංශුවක් ලෙස හඳුන්වනු ලබයි. ඒ අනුව රටහුනු කැබැල්ල සෑදී ඇත්තේ රටහුනු අංශූ විශාල සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ වීමෙන් බව ඔබට සිතා ගැනීමට හැකි වනු ඇත. කුඩා අංශු එකිනෙක සම්බන්ධ වූ රටහුනු කැබැල්ලේ අංශූමය ස්වභාවයක් පවතී. එම අංශූ අතර අවකාශ ද පවතී.
කුඩා ජල පරිමාවක් ගෙන එය කොටස් දෙකකට වෙන් කරන්න. ඉන් එක් ජල කොටසක් නැවත පරිමා දෙකකට වෙන් කරන්න. මේ ආකාරයට ඔබට වෙන් කළ හැකි කුඩා ම පරිමාව වන තෙක් නැවත නැවතත් ජලය පරිමා දෙකකට වන සේ වෙන් කරන්න. කුඩා ජල පරිමාව කොටස් දෙකකට වෙන් කළ ද පරිමා දෙකෙහි ම ඇත්තේ ජලයයි. නැවත නැවතත් පරිමාවලට වෙන් කළ විට ඉතාම කුඩා පරිමාවක් ගන්නා අවස්ථාවේ ද එම පරිමාව අත්කර ගත් ද්‍රව්‍යය ජලයයි. මේ ආකාරයට ජලයෙහි ගුණ පවතින සේ පත් කළ හැකි කුඩා ම ජල ප්‍රමාණය ජල අංශූවක් ලෙස හැඳින්විය හැකි ය. එනම් ජලය සෑදී ඇත්තේ ජල අංශු රාශියක් එකිනෙක සම්බන්ධ වීමෙන් ය.
වායු සරාවට දුඹුරු පැහැති නයිට්රජන් ඩයොක්සයිඩ් වායුව පුරවා වාතය සහිත වායු සරාවක් ඒ මත යටිකුරු කළ විට නයිට්රජන් ඩයොක්සයිඩ් වායුව වාතය සමග මිශ්‍ර වීම නිරීක්ෂණය කළ හැකි ය. මෙසේ නයිට්රජන් ඩයොක්සයිඩ් වායු අංශු ගමන් කිරීමට හේතුව වාත අංශු අතර අවකාශ තිබීම යි.දැල්වූ හඳුන් කූරෙහි සුවඳ පන්ති කාමරය පුරා පැතිර යයි. සුවඳ විලවුන්වල ගන්ධය පන්ති කාමරය පුරා පැතිර යන අතර ම සුවඳ විලවුන්, ඔරලෝසු තැටියෙන් ඉවත් වී ඇති බව නිරීක්ෂණය කළ හැකි වනු ඇත. ගන්ධයක් දැනෙන්නේ ඒවායේ අංශූ පැතිර යෑමේ දී වාතය හරහා ගමන් කර නාසයට ඇතුළු වීම නිසා ය. ඒ අනුව වායු පදාර්ථ තුළ ද අංශූමය ස්වභාවයක් පවතින බව පැහැදිලි කළ හැකි ය.
Username or Email Address
Password
Remember Me
Username
Email
Password: Confirm Password:
Are you human? Please solve:
Registration confirmation will be emailed to you.