ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව

අප අවට සිදුවන බොහෝ විපර්යාස සඳහා රසායනික ප්‍රතික්‍රියා දායකත්වයක් සපයයි. පහත දැක්වෙන්නේ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත විපර්යාස කිහිපයකි.

● යකඩ මල බැඳීම
● පලතුරු ඉදීම
● ආහාර ජීරණය වීම
● කිරිවලින් යෝගට් නිපදවීම
● දර දැවීම
● සින්ක් කැබැල්ලක් තනුක අම්ලයක් සමග ප්‍රතික්‍රියා කිරීම
● සෝඩියම් ලෝහය ජලය සමග ප්‍රතික්‍රියා කිරීම
● පෙට්‍රල් වාෂ්ප ගිනි ගැනීම
● රතිඤ්ඤා කරලක් පිපිරීම

විවිධ රසායනික ප්‍රතික්‍රියාවල වේග එකිනෙකට වෙනස් ය. පලතුරු ඉදීම, ආහාර ජීරණය, යකඩ මල බැඳීම වැනි ප්‍රතික්‍රියා සෙමින් සිදුවන අතර පෙට්‍රල් වාෂ්ප ගිනිගැනීම, සින්ක් කැබැල්ලක් තනුක අම්ලයක් සමග ප්‍රතික්‍රියා කිරීම, රතිඤ්ඤා කරලක් පිපිරීම වැනි ප්‍රතික්‍රියා වේගයෙන් සිදු වේ.
මේ අනුව ඇතැම් ප්‍රතික්‍රියා ක්ෂණික ව හෝ ඉතා වේගවත් ව සිදුවන අතර ඇතැම් ප්‍රතික්‍රියා ඉතා සෙමින් සිදුවේ. තත්පරයකින්, විනාඩියකින් පැයකින්, දින ගණනකින්, මාස කිහිපයකින්, මෙන් ම අවුරුදු ගණනකින්, සිදු වන ප්‍රතික්‍රියා ද වේ.
රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී එහි ප්‍රතික්‍රියක වැය වන අතර නව ඵල නිපදවේ. පහත දැක්වෙන ප්‍රතික්‍රියාව සලකා බැලීමෙන් මෙය පහසුවෙන් අවබෝධ කරගත හැකි ය.

ප්‍රතික්‍රියක ඵල මෙම ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක වැය වන වේගය හෝ ඵල නිපදවෙන වේගය හෝ ඇසුරින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව තීරණය කළ හැකි ය. මෙහිදී වඩා පහසුවෙන් නිරීක්‍ෂණය කළ හැක්කේ කැල්සියම් කාබනේට් වැය වන ශීඝ්‍රතාව හෝ කාබන් ඩයොක්සයිඩ් නිපදවෙන ශීඝ්‍රතාව යි.
ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව යනු කාල ඒකකයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය යි.
එනම් :

ලෙස දැක්විය හැකි ය.
යම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව නිර්ණය කරන්නේ කෙසේ ද ? මේ සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් ඇත.
i.) නිශ්චිත කාල සීමාවක් තුළ දී වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය (ස්කන්ධය හෝ පරිමාව) හෝ නිපදවූ ඵල ප්‍රමාණය මැන බැලීම.
ii.) නිශ්චිත ප්‍රතික්‍රියක ප්‍රමාණයක් වැයවීමට හෝ නිශ්චිත ඵල ප්‍රමාණයක් නිපදවීමට ගතවු කාලය මැනීම.