පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

පූර්ණ සංඛ්‍යා එකතු කිරීම

මෙම එකතු කිරීම ආකාර දෙකකින් පැහැදිලි කර ගනිමු.

(1) ගණක රාමු මගින් එකතු කරමු.

12 සහ 13 සංඛ්‍යා ගණක රාමු දෙකක නිරූපණය කරමු.

මෙම එක් එක් ගණක රාමුවල තිබෙන එකස්ථානයේ ගණක සියල්ල වෙනමත් දසස්ථානයේ ඇති ගණක සියල්ල වෙනමත්, වෙනත් ගණක රාමුවකට දැමූ විට පහත ආකාරයට නිරූපණය වේ.

(2) 12 සහ 13 සංඛ්‍යාවල, එක් එක් ස්ථානවල තිබෙන ඉලක්කමෙන් නිරූපිත අගය සලකමින් එකතු කරමු.

පිළිතුරෙහි දසස්ථානයේ ඉලක්කමෙන් නිරූපිත අගය 20 වේ. 20 යනු 10 ඒවා 2කි. එනම්, පිළිතුරෙහි දසස්ථානයේ ඉලක්කම 2 වේ.

එසේ ම එකස්ථානයේ ඉලක්කමෙන් නිරූපිත අගය 5 වේ. 5 යනු 1 ඒවා 5කි. එනම්, පිළිතුරෙහි එකස්ථානයේ ඉලක්කම 5 වේ.

දසස්ථානයේ ඉලක්කම 2 ද එකස්ථානයේ ඉලක්කම 5 ද බැවින් පිළිතුර 25 වේ. එනම්, 12 + 13=25