වස්තුවක් මත බල යෙදීමෙන් එම වස්තුව තල්ලු කිරීමට හෝ ඇදීමට හෝ එසවීමට පුළුවන් බව අපි දනිමු. එසේ ම වස්තුවක් මත බල යෙදීම මගින් එය කැරකැවීම ද කළ හැකි ය. එනම් බලයක් මගින් වස්තුවක් යම් ලක්ෂ්‍යයක් වටා කරකැවිය හැකි ය.
වස්තුවක් කරකැවීමට බලපාන සාධක පිළිබඳ සොයා බැලීමට පහත ක්‍රියාකාරකමෙහි යෙදෙමු.
මෙහි දී දොරෙහි භ්‍රමණය සිදු වන්නේ එහි අසව්ව දිගේ යන සිරස් රේඛාව වටා ය (11.2 රූපය). එම රේඛාවට දොරෙහි භ්‍රමණ අක්ෂය යැයි කියනු ලැබේ.
දොරෙහි භ්‍රමණ අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බක දුර වැඩි වන විට දොර විවෘත කිරීමට අවශ්‍ය බලය අඩු වන බව ඔබට පැහැදිලි වනු ඇත. එසේම බලයේ ක්‍රියා රේඛාවට දොරෙහි භ්‍රමණ අක්ෂයේ සිට ඇති ලම්බ දුර අඩු වන විට යෙදිය යුතු බලය වැඩි වන බව ඔබ ලබාගත් පාඨාංකවලින් පැහැදිලි වනු ඇත.
මෙයින් අදහස් වන්නේ දොරෙහි භ්‍රමණ අක්ෂයට ඈතින් බල
යොදන විට දොර විවෘත කිරීම වඩා පහසු බවත්, අසව්ව අසලින්
බල යොදන විට එය අපහසු බවත් ය.
යම් වස්තුවක් දෙන ලද අක්ෂයක් වටා භ්‍රමණය කිරීමට අවශ්‍ය බලය, වස්තුව කරකැවෙන අක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බ දුර අනුව වෙනස් වන බව ඉහත ක්‍රියාකාරකමෙන් පැහැදිලි වේ.
අක්ෂයක සිට බලයක ක්‍රියා රේඛාවට පවතින ලම්බක දුර හා බලයේ විශාලත්වයෙහි ගුණිතය එම ලක්ෂ්‍යය වටා බලයෙහි ඝූර්ණය (moment of force) යනුවෙන් හඳුන්වනු ලැබේ.
වස්තුවක් රේඛීය චලිතයකට යොමු කිරීමට අවශ්‍ය වන්නේ බලයකි. යම් අක්ෂයක් වටා වස්තුවක් භ්‍රමණය කරවීමට අවශ්‍ය වන්නේ බලයක් ම නොව බල ඝූර්ණයකි. වස්තුවක් භ්‍රමණය කරවීම සඳහා බල ඝූර්ණයක් ඇති කර ගන්නේ භ්‍රමණ අක්ෂයට යම් දුරකින් බලයක් යෙදීමෙනි. මෙලෙස වස්තුවක් මත යොදන බලයක් නිසා වස්තුවභ්‍රමණය වීමට පෙලඹීම බලයේ භ්‍රමණ ආචරණය (turning effect) ලෙස හැඳින්වේ.
මේ අනුව බලයක් නිසා හටගන්නා ඝූර්ණය සඳහා අපට පහත ආකාරයට සමීකරණයක් ලිවිය හැකි ය.
ඝූර්ණය යනු භ්‍රමණයට පෙලඹවීමක් නිසා භ්‍රමණය සිදුවන්නේ වාමාවර්තව ද දක්ෂිණාවර්තව ද යන්න අනුව ඝූර්ණය වාමාවර්ත හෝ දක්ෂිණාවර්ත වේ.