මිනිස් සිරුර පුරා ද්‍රව්‍ය පරිවහනය සිදු කරන පද්ධතිය රුධිර සංසරණ පද්ධතියයි. සංවෘත පද්ධතියක් වන රුධිර සංසරණ පද්ධතියේ රුධිර නාළ තුළට රුධිරය පොම්ප කරනු ලබන්නේ හෘදය මගිනි.
මිනිස් හෘදයේ සිරස්කඩක් රූපයේ දැක්වේ.
මිනිස් හෘදයේ කුටීර හතරකි. ඉහළින් පිහිටි කුටීර කර්ණිකා ලෙස හඳුන්වන අතර පහළින් පිහිටි කුටීර කෝෂිකා ලෙස හඳුන්වයි. එම කුටීර පහත දැක්වෙන පරිදි වේ.
කර්ණිකා හා කෝෂිකා අතර කපාට දෙකක් ඇත.
කෝෂිකාවලට සම්බන්ධ මහා ධමනි දෙකකි
මහා ධමනි ආරම්භයේ අඩසඳ කපාට පිහිටයි.
වම් හා දකුණු කර්ණිකා තුළට ශිරා විවෘත වේ.
Notifications