ශක්ති ප්‍රභව

අපට ශක්තිය ලැබෙන්නේ ශක්ති ප්‍රභවවලිනි. එදිනෙදා කාර්ය කිහිපයක් හා ඒවාට යොදා ගන්නා ශක්ති ප්‍රභව පහත 19.1 වගුවේ දැක්වේ.

ශක්ති ප්‍රභව, කොටස් දෙකකට වෙන් කළ හැකි ය.
● පුනර්ජනනීය ශක්ති ප්‍රභව
● පුනර්ජනනීය නො වන ශක්ති ප්‍රභව

පුනර්ජනනීය සහ පුනර්ජනනීය නොවන යන සංකල්ප තේරුම් ගැනීම සඳහා පහත සඳහන් 19.1 ක්‍රියාකාරකමෙහි නිරත වන්න. මෙය කණ්ඩායම් ක්‍රියාකාරකමක් ලෙස සිදු කරන්න.

A ටැංකිය “පුනර්ජනනීය” යන සංකල්පය නිරූපණය කරයි.
B ටැංකිය “පුනර්ජනනීය නොවන” යන සංකල්පය නිරූපණය කරයි.
පුනර්ජනනීය ශක්ති ප්‍රභව යනු භාවිත කරන අතරතුරදී ම හෝ කෙටි කලකින් හෝ නැවත හටගන්නා ශක්ති ප්‍රභව ය.
නිදසුන් –
● සූර්යයා
● සුළඟ
● භූ තාපය
● ගලා යන ජලය
● ජෛව ස්කන්ධ
පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභව වරක් භාවිතයට ගැනීමෙන් පසු නැවත හට ගන්නේ නැත. එසේ නැතහොත් හට ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගත වේ.

නිදසුන් –
● ඛනිජ තෙල්
● ගල් අඟුරු
● ස්වාභාවික වායුව
● න්‍යෂ්ටික ශක්තිය

පුනර්ජනනීය ශක්ති ප්‍රභව

සූර්යයා

අපට ආලෝකය හා තාපය ලැබෙන්නේ සූර්යයාගෙනි. වායුගෝලයේ සුළං ඇතිවන්නේ ද සාගරවල දියවැල් හටගන්නේ ද සූර්ය ශක්තිය ආධාරයෙනි.
සූර්ය ශක්තියේ ආධාරයෙන් නෑම සඳහා ජලය රත්කර ගන්නා සූර්ය ජල තාපක ඇතැම්
නිවෙස්වල වහළ මත දක්නට ලැබේ.

මතුපිට කළු කරන ලද දිගින් වැඩි නළයක් තැටිය තුළ ඇත. එය සවිකර ඇත්තේ ද කළු පැහැති ස්තරයක් මතුපිටයි. තැටියට සූර්ය තාපය වැටෙන සේ එය රැඳවිය යුතු ය. කළු පැහැති පෘෂ්ඨ වැඩිපුර සූර්ය තාපය අවශෝෂණය කරන නිසා නළය තුළ ඇති ජලය, සූර්ය තාපය මගින් රත් වේ. කළු පැහැති නළය තුළ ඇති රත් වූ ජලය ජල ටැංකියේ ඉහළ ඇති නළය තුළින් ජල ටැංකිය තුළට යයි. සිසිල් ජලය ටැංකියේ පහළ ඇත. එම ජලය, පහළ ඇති නළය හරහා දඟර ගැසුණු නළය තුළට ගලා එයි. එම ජලය ද රත් වූ පසු ඉහළ නළයෙන් ටැංකිය තුළට ගමන් කරයි.

මෙම ක්‍රියාවලිය නොකඩවා සිදුවෙන නිසා එමගින් ජලය රත් කිරීම කළ හැකි ය.

පරාවර්තකයේ ප්‍රමාණය විශාල වන විට ගිනිකුර දැල්වීමට ගත වන කාලය අඩු වන බව ඔබට පෙනෙනු ඇත. සූර්ය තාපක උඳුනක සිදුවනුයේ ද ඉහත ක්‍රියාවට සමාන ක්‍රියාවලියකි.
සූර්ය තාපක උඳුනක වර්ගඵලය වැඩි වන විට එමගින් ලබා ගත හැකි තාප ප්‍රමාණය ද වැඩි වේ.
සූර්ය කෝෂ මගින් සූර්ය ශක්තිය විද්‍යුතය බවට ද හරවයි. සූර්ය කෝෂ මුලින්ම නිපදවන ලද්දේ කෘත්‍රිම චන්ද්‍රිකාවලට විද්‍යුතය සපයා ගැනීම සඳහා ය. වර්තමානයේ මේවා ගණක යන්ත්‍ර, වීදි ලාම්පු හා පර්යේෂණාත්මක විද්‍යුත් මෝටර් රථ සහ ගුවන් යානා සඳහා ද භාවිතයට ගැනේ.

සූර්ය ශක්තිය පුනර්ජනනීය මෙන් ම පරිසර දූෂණයෙන් තොර ලාභදායක ශක්ති ප්‍රභේදයකි. නමුත් එහි යම් අවාසි ද ඇත.
● සූර්ය කෝෂවල මිල අධික ය.
● වලාකුළු සහිත දිනවල දී සූර්ය කෝෂවල කාර්යක්ෂමතාව ඉතා අඩු වේ.
● සූර්ය කෝෂවලින් ලබා ගන්නා විද්‍යුතය බැටරි තුළ ගබඩා කර ප්‍රයෝජනයට ගත හැකි ය. නමුත් බැටරි තුළ විශාල වශයෙන් ශක්තිය ගබඩා කළ නො හැකි ය. ක්‍රියා විරහිත වූ බැටරි නිසි පරිදි ඉවත්නො කළහොත් ඒවායින් පරිසරය දූෂණය වේ.