සතර කන් මන්ත්‍රණය

පන්සිය පනස් ජාතක පොත 14 වන සියවසෙහි කුරුණෑගල රජ කළ සතර වන පණ්ඩිත පරාක්‍රමබාහු රජ දවස වීරසිංහ ප්‍රතිරාජ නමැති ඇමැතිවරයාගේ අනුග්‍රහයෙන් සිංහලයට නගා ඇති බව කියැවේ. මේ සඳහා මූලාශ්‍රය කොට ගත් ග්‍රන්ථය වන්නේ ජාතකට්ඨ කථාවයි.
සිංහල පන්සිය පනස් ජාතක පොත මුල් කෘතියෙහි ඍජු පරිවර්තනයක් නො වේ. ජාතක ගාථා ස්වල්පයක් දක්නට ලැබීමත්, වෛය්‍යාකරණ (ගාථාවල අදහස් හා වචන විස්තර) කොටස දක්නට නොලැබීමත්, අතීත කතාව අඛණ්ඩ ව ඉදිරිපත් කිරීමත් සිංහල ජාතක කතා පොතෙහි ලක්ෂණ වේ. ‘පන්සිය පනස් ජාතක කතා පොත’ ලෙස හැඳින්වූව ද එහි සැබවින් ම ඇත්තේ ජාතක කතා 547කි.
සිංහල ජාතක කතාවන්ට නියමිත ආකෘතියක් දක්නට ඇත. ඒ අනුව,
වර්තමාන කතාව,
අතීත කතාව,
සමෝධානය
යන ලක්ෂණ, සිංහල ජාතක කතාව තුළ දක්නට ලැබෙන අංග යි.