සුවපහසු දිවියක් සඳහා විදුලිය

එදිනෙදා ජීවිතයේ දී විදුලිය ප්‍රයෝජනයට ගන්නා තවත් බොහෝ අවස්ථා ද පවතී. කාර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරවීම, වායුසමන යන්ත්‍ර ක්‍රියාකරවීම, විවිධ සන්නිවේදන කටයුතු සිදුකිරීම, ඇතැම් වාහන ධාවනය ඉන් සමහරකි.

විදුලිය නිපදවීම

විදුලිය නිපදවන සරල ක්‍රම

විදුලිය නිපදවා ගැනීමට බහුල ව භාවිත කරන ක්‍රම ලෙස ඩයිනමෝ,සූර්ය කෝෂ, වියළි කෝෂ ආදිය දැක්විය හැකි ය.

දැන් අපි විදුලිය නිපදවන ක්‍රම පිළිබඳ ව තව දුරටත් සොයා බලමු. ඒ සඳහා 8.1 සහ 8.2 ක්‍රියාකාරකම්වල නියැලෙමු.

ඉහත ක්‍රියාකාරකම ඔබට නිවසේ දී වුවද පහසුවෙන් සිදුකළ හැකි ය. එමඟින් පහසුවෙන් විදුලිය නිපදවා ගත හැකි බව ඔබට පෙනෙනු ඇත. විදුලි කෝෂ තුළ විදුලිය නිපදවෙනුයේ මීට සමාන ක්‍රියාවලියක් මඟිනි.

ඉහත 8.2 ක්‍රියාකාරකමෙහි දී කම්බි දඟරයක් තුළ චුම්බකයක් චලනය මඟින් විදුලි ධාරාවක් නිපදවුණු බව පැහැදිලි වන්නට ඇත. බයිසිකල් ඩයිනමෝව, විදුලි ජනක යන්ත්‍ර, ජල විදුලි බලාගාර, සුළං බලාගාර ආදිය තුළ විදුලිය උත්පාදනය වන්නේ ඉහත අකාරයට ය.