ඉහත 11.1 ක්‍රියාකාරකමේ දී ලබා ගත් මිනුම්වලට අදාළ ඒකක පහත සමීකරණයට ආදේශ කරමු.
නමුත් සම්මත (SI) ඒකකවලට අනුව ස්කන්ධය kg වලින් ද, පරිමාව m3 වලින් ද මනින නිසා,
ඝනත්වයේ සම්මත ඒකකය kg m-3 (ඝන මීටරයට කිලෝග්‍රෑම්) වේ.
පහත දැක්වෙන ක්‍රියාකාරකම සිදු කරමින් ඔබට විවිධ ද්‍රව්‍යවල ඝනත්ව සැසඳිය හැකි ය.
පරිමා සමාන වුව ද, විවිධ ද්‍රව්‍යවල ස්කන්ධය, එහි පරිමාවට දරන අනුපාතය වෙනස් බව මෙම ක්‍රියාකාරකමට අනුව ඔබට පෙනී යයි.
විවිධ ද්‍රව්‍යවල ඝනත්වය වෙනස් වේ. එය ඒ ඒ ද්‍රව්‍යයට සුවිශේෂ ලක්ෂණයකි. යම් ද්‍රව්‍යයක ඝනත්වය එකී ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා ආධාර කරගත හැකි ය. මෙය ද්‍රව මෙන් ම ඝන ද්‍රව්‍ය සඳහා ද පොදු ය. ඒ නිසා ද්‍රව්‍යයක ඝනත්වය යන රාශිය වැදගත් භෞතික රාශියකි.
ඝනත්වය හා සම්බන්ධ පහත ගැටලු විසඳා ඇති ආකාරය අධ්‍යයනය කරන්න.
විසඳු නිදසුන :
01. ජලය 2 m3 ක ස්කන්ධය 2000 kg වේ. ජලයේ ඝනත්වය සොයන්න.
02. ඝනත්වය 800 kg m-3 වන ද්‍රාවණයක, 200 kg ක ස්කන්ධයක් ඇත. එහි පරිමාව කොපමණ ද?